Search

සිඩ්නි නුවරදී මෝටර් රථයක් සොරකම් කර පළාගිය බාල වයස්කරුවන් පිරිසක් අල්ලයි

සොරකම් කළ බව කියන මෝටර් රථයකින් සිඩ්නි හි බටහිර ප්‍රදේශ හරහා පොලිස් අණ නොතකා පළා ගිය බාල වයස්කරුවන් පිරිසක් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, පැයකට වැඩි කාලයක් ලුහුබැඳීමකින් පසුව, සෙවන් හිල්ස් ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා මෙම තරුණයින් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් ලුහුබැඳීම රාත්‍රී 11ට පමණ ආරම්භ වූ අතර ප්‍රදේශ ගණනාවක් පුරා එය පැතිර ගොස් තිබුණා.

බ්ලේක්හර්ස්ට් ප්‍රදේශයේ නිවසකින් සොරකම් කරන ලද බව කියන BMW රථය රූටි හිල් ප්‍රදේශයේදී නතර කිරීමට පොලිසිය උත්සාහ කළ අතර අණ නොතකා පළා ගිය එය සොයා ගැනීමට ආරක්ෂක හේතූන් මත පොලිස් හෙලිකොප්ටර් සහාය ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ලබා ගත් සහයෙන් පසුව මාර්ග බාධක යොදවා මෝටර් රථය නතර කර ගැනීමට පොලිසිය සමත්වුණා.

එහි සිටි වයස අවුරුදු 15, 16 සහ 12 යන වයස්වල පිරිමි ළමයින් තිදෙනෙකු සහ 16 හැවිරිදි ගැහැණු ළමයෙකු අත්අඩංගුවට ගෙන බ්ලැක්ටවුන් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

15 හැවිරිදි රියැදුරුට එරෙහිව පොලිස් අණ නොතකා රිය ධාවනය, අනතුරුදායක ලෙස රිය පැදවීම, හිමිකරුගේ අනුමැතියකින් තොරව මෝටර් රථය රැගෙන යාම, බලපත්‍ර නොමැතිව වාහනයක් පැදවීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතයි.

16 හැවිරිදි තරුණයින් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත්තේ අයිතිකරුගේ අවසරයකින් තොරව වාහනය රැගෙන යාමේ චෝදනාවයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »