Search

අධිකරණයෙන් දඩ නියම වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සපත්තු අලෙවි කරන්න යයි

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ඩොලර් මිලියන 355ක දඩයක් නියම කිරීමෙන් පසු ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේම සන්නාමයේ සපත්තු අලෙවියට යොමුවී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ෆිලඩෙල්ෆියා හි ස්නීකර් ලෝලීන් සඳහා වන සමුළුවක් අතර ට්‍රම්ප් සන්නාමය සහිත ඔහුගේම සපත්තු පෙළක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඩොලර් 399ක මුදලකට අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන රන් පැහැති සපත්තු යුගලයක් ඔහු සමුළුවේදී ඉදිරිපත් කර තිබෙනවා.

ට්‍රම්ප් පැවසුවේ මෙය තම වසර 12 ක්, තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් වන අතර එය විශාල සාර්ථකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ණය මුදලක් ලබා ගැනීම සඳහා තම දේපළවල වටිනාකම් ගැන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා හේතුවෙනුයි හිටපු ජනාධිපතිවරයාට ඩොලර් මිලියන 355කට ආසන්න දඩ මුදලක් ගෙවන ලෙස විනිසුරුවරයෙකු නියෝග කරනු ලැබුවේ.

කෙසේවෙතත් අධිකරණය ට්‍රම්ප්ගේ ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කර නොමැති අතර ඇතැමුන් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපාරික අධිරාජ්‍යය අවසන් කළ හැකිව තිබූ අවස්ථාවක් ගිලිහි ගිය බවයි.

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකයා වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »