Search

මාරාන්තික පරපෝෂිතයෙක් නිසා බටහිර ඔස්ට්‍රේලියාවේ ජල තටාකවල විශේෂ පරීක්ෂාවක්

ජනප්‍රිය පිහිනුම් තටාකයකින් මාරාන්තික පරපෝෂිත සත්වයකු සොයා ගැනීමෙන් පසු බටහිර ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන්ට ජල මාර්ගවල සැඟවුණු අනතුරක් ගැන බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ නයිග්ලේරියා ෆවුලෙරි (Naegleria fowleri) නම් පියවි ඇසට දැක ගැනීමට අපහසු මෙම පරපෝෂිත සත්වයින් ජල මාර්ග වෙත පැමිණෙන බවයි අනාවරණ වී ඇත්තේ.

බටහිර ඔස්ට්‍රේලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගිම්හාන සමය පුරා තම පරීක්ෂණ වේගවත් කර ඇති අතර මෙම විශේෂිත මාරාන්තික ජීවියා පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු අඟවා තිබෙනවා.

මෙම පරපෝෂිතයා අඩංගු ජලය නාසයෙන් ශරීරයට ඇතුළු වූ විට මිනිසුන්ට ආසාදනය වන බව සඳහන්.

පසුව නාසයේ සිට මොළයට ගමන් කරන මෙම පරපෝෂිත සත්වයින් මොළයේ පටක විනාශ කරන අතර විනාශකාරී මාරාන්තික ආසාදනයක් ඇති කරන බවටයි හෙළිවී ඇත්තේ.

සාමාන්‍ය ජල තටාකයක නම් මෙම ජීවීන් හඳුනාගෙන විනාශ කළ හැකි අතර සාමාන්‍ය මිරිදිය ජලයේ එය අපහසු කටයුත්තක් බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එය විනාශ කිරීමට ක්ලෝරීන් අවශ්‍ය වන අතර ස්වාභාවික ජලය තුළ එය සිදු කළ හැක්කේ ඉතා අල්ප වශයෙන්.

පාරිසරික සෞඛ්‍ය නිලධාරීන් සෑම සති දෙකකට වරක් බටහිර ඔස්ට්‍රේලියාවේ ජල මාර්ග පරීක්ෂා කරන අතර 1960 ගණන්වල සිට පවතින මෙම ජීවීන් සම්බන්ධ අනතුරු ඇඟවීමට අවනත වන ලෙසට දැනුම් දෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »