Search

සංක්‍රමණිකයන් පිරිසක් නිසා අගමැතිට දැඩි චෝදනාවක්

කිසිදු පුර්ව හඳුනා ගැනීමකින් තොරව සරණාගතයින් පැමිණීම හමුවේ ඔස්ට්‍රේලියාවේ දේශසීමා පාලනය ගිලිහී ගොස් ඇති බවට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් වෙත චෝදනා එල්ල වනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රදේශයකින් තවත් සරණාගත කණ්ඩායමක් සොයා ගැනීමෙන් පසුව අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත එල්ල වන චෝදනා ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

බීගල් බේ ප්‍රදේශයේ සරණාගතයින් 30 දෙනෙකු සොයා ගැනීමෙන් පැය කිහිපයකට පසු ඉන්දියාවේ සහ බංගලාදේශයේ බවට සැලකෙන පුද්ගලයින් 13 දෙනෙකු ද ස්වදේශික කඳවුරු භූමියකට පැමිණ සිටියදී සොයා ගැනුණා.

දේශීය ආදිවාසී පවුලක් විසින් කළමනාකරණය කරනු ලබන දුරස්ථ සංචාරක ගමනාන්තයක් වූ පෙන්ඩර් බේ කඳවුරු භූමිය අසලදී හමුවී ඇති මෙම සංක්‍රමණිකයින් පිරිස නාවුරු හි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ දේශසීමා පාලනය කිරීම අගමැතිවරයට නොහැකි වී ඇති බවට විපක්ෂ නායක පීටර් පීටර් ඩට්න් චෝදනා කරනවා. දේශසීමා සම්බන්ධයෙන් ගත් කල දුර්වල අගමැතිවරයෙක් ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙම සංක්‍රමණිකයින් දේශසීමා නිලධාරීන් භාරයේ සිටින බව අගමැතිවරයා ඊයේ තහවුරු කළ අතර රජයට දේශසීමා පාලනය අහිමි වූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළා.

ඔහු සඳහන් කළේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමට උත්සාහ නොකරන බවයි.

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »