Search

තක්ෂින් ෂිනවත්‍රා බන්ධනාගාරයෙන් නිදහස්

තායිලන්තයේ අගමැතිවරයා ලෙස දෙවරක් ධුරය හෙබවූ තක්ෂින් ෂිනවත්‍රා බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

බැංකොක් හි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි අද අලුයම ඔහු නිදහස් කර ඇත්තේ.

හිටපු අගමැතිවරයාගේ ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තායිලන්ත රජු ඔහුගේ අට වසරක සිර දඬුවම අඩු කර නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ මෙම නිදහස් කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි නිරීක්‍ෂණයට යටත් වන අතර ඔහුට ගමන් බිමන් යාමට ඇති අයිතිය සීමා කර ඇති බවයි.

74 හැවිරිදි තක්ෂින් ෂිනවත්‍රා දෙවරක් අගමැති ලෙස තේරී පත් වූ අතර 2006 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හරිනු ලැබුවා.

පසුව තක්ෂින් ෂිනවත්‍රා වසර 15ක් පමණ ස්වයං ලෙස පිටුවහල්ව සිට පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ නැවත තායිලන්තයට පැමිණ තිබුණා.

අනතුරුවයි දූෂණ චෝදනා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනා මත වසර අටක් සිරගත කරනු ලැබුවේ.

එම සිර දඬුවමෙන් පසු මාස හයක් ඔහු රැඳවුම් භාරයේ රෝහල් ගතව පසු වුණා.

මීට දින කිහිපයකට පෙර තායිලන්තයේ වත්මන් අගමැතිනිවරයා ද ප්‍රකාශ කර තිබුණේ ඉරිදා දින තක්ෂින් නිදහස් කරන බවයි.