Search

මෙල්බර්න් දේපල මිල ගණන් වසර 20 කට වැඩි කාලයක් තුළ විශාලතම වැඩිවීම වාර්තා කරයි!

මෙල්බර්න් දේපල මිල ගණන් වසර 20 කට වැඩි කාලයක් තුළ විශාලතම වැඩිවීම වාර්තා කරයි!

මෙල්බර්න් දේපල මිල ගණන් වසර 20 කට වැඩි කාලයක් තුළ විශාලතම වැඩිවීම වාර්තා කර තිබේ. මෙලෙස නිවාස මිල ඉහල යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අඩු පොලී අනුපාත සහ ඉහළ ඉල්ලුම බවයි වාර්තා වල සඳහන් වන්නේ.

පළමු වතාවට මෙල්බර්න් හි නිවාසවල සාමාන්‍ය වටිනාකම ඩොලර් 900,000 ඉක්මවා ඇති බව වික්ටෝරියා හි රියල් එස්ටේට් ආයතනයේ දෙසැම්බර් වාර්තාවේ දත්ත පෙන්වා දෙයි.

මෙහි මධ්යන්යය අගය​ සැප්තැම්බර් කාර්තුවේ සිට සියයට 9.5 කින් ඉහළ ගොස් ඇති අතර එහි වටිනාකම​ ඩොලර් 941,000 ක් විය. එය වසර 21 ක් තුළ වාර්තා වූ ඉහලම අගය වේ.

2020 දී කොරෝනා වසංගතය හමුවේ පැවති lockdown තත්වය​ හේතුවෙන් වික්ටෝරියානුවන් වැඩි කාලයක් නිවසේ ගත කිරීමත් සමඟ බොහෝ පවුල් තම දේපළ වැඩිදියුණු කිරීමට අවස්ථාව ලබා ගත්හ.

මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි Malvern East ප්‍රදේශයේ විශාලතම මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එය සියයට 28.5 කින් වර්ධනය වීමකි. Fitzroy North සියයට 22.8 කින් ද Essendon සියයට 26.8 කින් ද ඉහළ ගොස් ඇත. නැගෙනහිර තදාසන්න ප්‍රදේශ වන Camberwell, Balwyn, Canterbury, Bentleigh East සහ Mitcham ද සියයට 20 කින් පමණ ඉහළ ගොස් තිබේ.

කලාපීය වික්ටෝරියා ප්‍රදේශයන්හි ද නිවාස මිල ගණන් ඉහල ගොස් ඇති අතර එම වර්ධනය පසුගිය 2003 පසුව වාර්තා වූ විශාලතම අගය වේ.

 

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »