ළමා අපයෝජන චෝදනා එල්ලවූ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විදුහල්පතිවරයෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.
49 හැවිරිදි සැකකරුට එල්ල වූ ළමා අපයෝජන චෝදනා 15කට වරද පිළිගැනීමෙන් පසුවයි ටවුන්ස්විල් දිස්ත්‍රික් අධිකරණය මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ.
ළමා අධ්‍යාපනයේ වසර 30ක වෘත්තීය ජීවිතයක් ඇති මෙම ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයා ළමා අපයෝජන දර්ශන නිර්මාණය සඳහා සිසු සිසුවියන් ඡායාරූප ගත කිරීම ඇතුලු චෝදනා එල්ලවී තිබෙනවා.
මෙම විදුහල්පතිවරයා ටවුන්ස්විලි හි ශාන්ත ජෝසප් පාසලෙන් ඉවත් කර 2021 වසරේ ජූලි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ හැසිරීම පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් කළ චෝදනා හේතුවෙන්.
ළමා අපයෝජන දර්ශන නිර්මාණයට අවශ්‍ය දේ ළඟ තබා ගැනීම සහ ළමා අපයෝජන නැරඹීමට ප්‍රවේශ වීම සඳහා මැදිරි සේවාවක් භාවිතා කිරීම ඇතුළු වැරදි 14ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී හිටපු විදුහල්පතිවරයා සියලු චෝදනාවලට වරද පිළිගත් අතර ජංගම දුරකථනයක්, කැමරාවක්, ඉලෙක්ට්‍රොනික ටැබ්ලට් සහ දත්ත ගබඩා උපාංග ඇතුළු දේපළ සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට ද සිකුරාදා ටවුන්ස්විල් දිස්ත්‍රික් අධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා.
සැකකරුගේ පාසල් කාර්යාලය සහ නිවස සෝදිසි කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉලෙක්ට්‍රොනික උපාංග හයක් තුළ අසභ්‍ය දර්ශන 13ක් තිබී සොයා ගැනුණා.