වික්ටෝරියා ප්‍රාන්තයේ නිවසකින් කාන්තා සහ පිරිමි මළ සිරුරු දෙකක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරට් අසල පිහිටි ඉඩමක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රී මෝගන් වීදියේ පිහිටි ඉඩමක තිබී 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 42 හැවිරිදි කාන්තාවකගේ සිරුරු මෙලෙස සොයා ගත් බවටයි වික්ටෝරියා පොලිසිය තහවුරු කර ඇත්තේ.

මියගොස් ඇති දෙදෙනා එකිනෙකා හඳුනන අය බවට පොලිසිය විශ්වාසය පළ කරනවා.

මරණයට හේතු සොයා ගැනීම සඳහා අපරාධ විමර්ශන ඒකකය රහස් පොලිසිය සමඟ එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි සඳහන්.

ඔවුන් දෙදෙනා මිය ගියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර වික්ටෝරියා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බවයි.

මියගොස් ඇති කාන්තාව පස්දරු මවක් වන අතර මෙය මිනීමැරුමක් ද නැතහොත් සියදිවි නසාගැනීමක් ද යන්න සොයා පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

අසල්වාසීන් පැවසුවේ ඔවුන්ට බහින්බස් වීමක් සහ විලාප හඬක් ඇසුණු බවයි.

මෙම මරණ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නා ඕනෑම අයෙකුට අපරාධ මර්දන නිලධාරීන්ට ඒවා ලබා දෙන ලෙසටයි දැනුම් දෙන්නේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »