
මුඛ සහ උගුරේ පිළිකාවලට සම්බන්ධ දුම්කොළ සහ නව නිකොටින් නිෂ්පාදන වර්ගයක් භාවිත කිරීමේ ප්‍රවණතාවක් හේතුවෙන් පාසල්වල සිසු සිසුවියන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව ඔස්ට්‍රේලියා බලධාරීන් පවසනවා.
නව නිකොටින් ප්‍රවණතාව මධ්‍යයේ පාසල් සිසු සිසුවියන් ඇබ්බැහි වීම පිළිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දශක ගණනාවක් පුරා ස්කැන්ඩිනේවියානු රටවල ජනප්‍රිය වූ භයානක නිෂ්පාදනයක් වන මෙම නිකොටින් වර්ගය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් පවතින බව සඳහන්.

කම්මුල සහ ඉහළ විදුරුමස් අතර තබා භාවිත කරනු ලබන මෙහි කෘතිම නිකොටින් අඩංගු වන අතර ඒවා විශාල වශයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන එමින් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
වසර සිය ගණනකට පෙර බ්‍රසීලයේ ආදිවාසී ජනතාව දුම්කොළ භාවිතය සොයා ගැනීමත් සමඟ ස්නෆ් ක්‍රමය යනු නිකොටින්වලට ඇබ්බැහි වූවන් ඒවා ලබා ගැනීමේ එක් ක්‍රමයක් ලෙසට සැලකෙනවා.

ෆෙඩරල් රජය පවසන්නේ මෙම නව ප්‍රවණතාවය පිළිබඳ අවධානය යොමුවී ඇති අතර නව නිකොටින් වර්ගවල ආනයනයට එරෙහිව පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි.
මුඛ දුම්කොළ, නොඑසේ නම් ස්නෆ් ලෙස හඳුන්වනු ලබන මේවා 1991 වසරේ ජුනි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ විකිණීම තහනම් කර තිබෙනවා.