
කාලයක් රෝගාතුරව පසු වූ හිටපු අමාත්‍යවරයෙක් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 83ක්.
ගාමිණී ජයවික්‍රම පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙක්.

1941 වසරේ දී උපත ලබා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.
2001 වසරේ දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ගාමිණී ජයවික්‍රම පෙරේරා 2015 වසරේ සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත් හා 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ලැබුවා.
අභාවප්‍රාප්ත වූ ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.