Search

Taylor Swiftගේ මෙල්බර්න් ප්‍රසංගයෙන් වාර්තාවක්

ටේලර් ස්විෆ්ට්ගේ ඔස්ට්‍රේලියා සංචාරයේ මෙල්බර්න් ප්‍රසංගය වාර්තාගත රසික සහභාගීත්වයක් සමගින් ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා තිබෙනවා.

පසුගියදා තම පුද්ගලික ජෙට් යානයෙන් මෙල්බර්න් වෙත පැමිණි ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංගය නැරඹීම වෙනුවෙන් තරුණ රසික රසිකාවියින් ඩොලර් දහස් ගණනක් වියදම් කර ඇති බවටයි අනාවරණ වූයේ.

ටේලර් ස්විෆ්ට් රසිකයන් රැසක් අවසන් මොහොතේ මුදල් ගෙවා ලබා ගෙන තිබූ ප්‍රවේශපත්‍ර වංචනික ඒවා බවට ද හෙළිවීම හේතුවෙන් දැඩි කළකිරීමකට පත්ව සිටි බව සඳහන්.

ඇතැමුන් නොදැනුවත්ව ම විවිධ පුද්ගලයන් විසින් අන්තර්ජාලය ඔස්සේ සොරකම් කළ ප්‍රවේශපත්‍ර ලබාගෙන ප්‍රසංගයට පැමිණ අපහසුතාවන්ට ලක්ව තිබුණා.

Taylor Swiftගේ ප්‍රසංගයකට පැමිණි විශාලතම රසික සහභාගීත්වය මෙල්බර්න් නුවරින් වාර්තා කරමින් එය පැවති මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගන භුමියට පමණක් පැමිණ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 96,000ක් බවටයි තහවුරු වී ඇත්තේ.

මෙල්බර්න් හි රාත්‍රී තුනක් පුරා පැවැත්වෙන ප්‍රසංගයට ප්‍රේක්ෂකයින් 260,000ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ටිකට්පත් ගැටළු ඇති පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා පැය 24 පුරා සේවා ක්‍රියාත්මකයි.

එමෙන්ම මෙල්බර්න් ක්‍රීඩාංගණය ට පැමිණෙන රසිකයන්ට අමතර දුම්රිය සහ බස් රථ සේවා ද යොදවා තිබෙනවා.

අවස්ථා 14 කදී ග්‍රැමී සම්මානලාභී Taylor Swift පෙබරවාරි 23 වනදා සිට 26 දක්වා සිඩ්නි හි සංදර්ශන හතරක් ද පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »