Search

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණයන්ට රිය ධාවනය ගැන නිසි අධ්‍යාපනයක් දෙන්න අලුත් වැඩක්

පසුගිය 2023 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල සිදුවූ බිහිසුණු රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව හමුවේ රියදුරු ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

විශේෂයෙන් තරුණයින්, නිසි රියදුරු අධ්‍යාපනයක් පිළිබඳ ගැටලුව වැදගත් ලෙස නොසලකන බවටයි අනාවරණ වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගමනාගමන අනතුරු කොමිසමට අනුව, 2023 වසරේදී රිය අනතුරුවලින් අවුරුදු 16 ත් 25 ත් අතර තරුණයින් 59ක් මිය ගොස් තිබෙනවා. එය එම වසරේ ප්‍රාන්තයේ මාර්ගවලින් වාර්තා වූ සමස්ත මරණ වලින් සියයට 20ක් බව සඳහන්.

මේ හේතුවෙන් තරුණ තරුණියන් සඳහා රියදුරු ආරක්ෂණ අධ්‍යාපනය වැඩිදියුණු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති අතර පාසලේදී මාර්ග ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද ඊට අයත්.

ප්‍රාන්තය පුරා 10 සිට 12 වසර දක්වා සිසුන් සඳහා මූලික මාර්ග ආරක්ෂණ කුසලතා සහ වාහන නඩත්තු ඇතුළත් නව අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දීමට ද අවශ්‍ය බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

නොසැලකිලිමත් ලෙස රිය පැදවීමේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සතියකට පැය භාගයක් සිසුන් දැනුවත් කර පාසල් සමයේ සිටම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හොඳ පුරුදු ඇති කිරීමට ද යෝජනා වී තිබෙනවා.

යෞවනයන් සඳහා රියදුරු ආරක්ෂණ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට 18 හැවිරිදි තරුණයෙක් මූලිකත්වය ගෙන ඇති අතර ඔහු පැවසුවේ තමා පාසලේදී මාර්ග ආරක්ෂණ වැඩසටහන් අත්හදා බැලූ අතර, ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා තවත් බොහෝ දේ කළ හැකි බවයි.

එමෙන්ම තවත් ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ද මේ වෙනුවෙන් ඉදිරිපත් වී ඇති අතර 2023 වසරේ ඛේදජනක මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව හේතුවෙන් පාසල්වල රියදුරු අධ්‍යාපන මොඩියුලයක් දැකීමට අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »