
වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය අඟහරුවාදා ඇති වූ සුළි කුණාටුවෙන් පසු නිවාස 7,000 කට ඇණහිට තිබූ විදුලිය යළි ලබාදී තිබෙනවා.
එහෙත් තවත් ස්ථාන 15,000කට පමණ මෙතෙක් විදුලි බලය ලබාදීමට හැකිවී නොමැති අතර බලපෑමට ලක් වූ සියලුම නිවාස සඳහා ලබන සතිය අවසන් වන විට විදුලිය යථා තත්ත්වයෙන් ලබා දීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
කුණාටුවෙන් බලපෑමට ලක් වූ ඇතැම් නිවාසවලට විදුලිය සහ දුරකථන සේවා යළි ලබාදී තිබුණ ද තවත් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටිනවා.

සුළි කුණාටුව හමුවේ බලශක්ති පද්ධතියට ද හානි වූ අතර නිවාස ලක්ෂ 5කට පමණ විදුලිය ඇණහිට තිබුණා.
විදුලි පද්ධතියේ දෝෂ 586ක් හඳුනාගෙන ඇති ඇති අතර, ඉන් දෝෂ 15ක් පාරිභෝගිකයින් 9,000කට පමණ බලපාන බවට හෙළිවී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා පැවසුවේ, අඟහරුවාදා අයපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ගිප්ස්ලන්ඩ් හි පිළිසකර කිරීම් තවමත් සිදුවන බවයි.
අඟහරුවාදා ආරම්භ වූ ලැව්ගිනි සහ ප්‍රාන්තය පුරා හමා ගිය දරුණු කුණාටුවෙන් නිවාස 60ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ගින්නෙන් ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානය අවට ඇති දේපළ 44කට ද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.