ගංවතුරත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වාසීන්ට අලුත් ගැටලුවක්

බටහිර ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ නගර වාසීන් මීයන් හේතුවෙන් ගැටලුවකට මුහුණදී සිටිනවා.

පසුගිය දිනවල පවතී දැඩි වර්ෂාවෙන් පසු ඇති වූ ගංවතුර සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නගරවලින් මීයන් රංචු වැඩි වශයෙන් හමුවන බවයි පදිංචිකරුවන් පවසන්නේ.

මෙම මී වසංගතය පසුගිය වසරේ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවලට දැඩි බලපෑමක් ඇති කළ ද මෙවර ලෝන්ග්‍රීච් ප්‍රදේශයේ තරම් විශාල සංඛ්‍යාවක් හමුවී තිබුණේ නැහැ.

මීයන් ගහණය වැඩිවීම හමුවේ පළිබෝධ පාලන සමාගමක් ජනතාවගේ ඉල්ලුමට සරිලන පරිදි අමතර නිෂ්පාදන ඇණවුම් කර ඇති බව ප්‍රකාශ කළා.

ආහාර ගැනීමට හෝ පිහිනීමට කැමැත්තක් දක්වන දේශීය මීයන් විශේෂයක් මෙලෙස රංචු වශයෙන් බටහිර ක්වීන්ස්ලන්ඩ් නගරවලට පැමිණෙන බව සඳහන්.

ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පරිසර හා විද්‍යා පාසලේ ප්‍රධානී මහාචාර්ය ෆ්‍රාන් ෂෙල්ඩන් පැවසුවේ සුපුරුදු වියළි කාලගුණික තත්ත්වයට පැමිණි විට මෙම මීයන් ඉවත් වනු ඇති බවයි.

ගංවතුර තත්ත්වය සමග ආහාර සහ තණකොළ සුලබ වීම හමුවේ මීයන් ගහණය ඉහළ ගොස් ඇති අතර එම ආහාර අඩු වන විට වූ විට මෙම සතුන් අතුරුදන් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මීට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් මී වසංගතයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් මෝටර් රථ, භෝග සහ දේපලවලට දැඩි හානි සිදුවී තිබුණා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »