
සිඩ්නි නගරයේ පාසල් හතක ඇස්බැස්ටස් පරීක්‍ෂාවක් සිදු කිරීමට නිව් සවුත් වේල්ස් පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
සිඩ්නි නගරයේ මතුවී ඇති ඇස්බැස්ටස් ගැටලුව විසඳා ගැනීමට මෙහෙයුම් ආරම්භ කිරීම හේතුවෙනුයි මෙලෙස පාසල් පරික්ෂාවට පියවර ගෙන ඇත්තේ.
පරිසර ආරක්ෂණ අධිකාරිය කියා සිටියේ කිසිදු පාසලක ඇස්බැස්ටස්වලින් දූෂණය වූ බවට සාක්ෂි නොමැති වුව ද පූර්වාරක්ෂාව සඳහා පරීක්ෂණය සිදු කරන බවයි.

මෙම පරීක්ෂණවලින් පසු එක් පාසලක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර පාසල් භූමියේ සහ අවට උද්‍යාන සිසුන් සහ කාර්ය මණ්ඩලයෙන් ඈත් කර තබන ලෙසට උපදෙස් දී තිබෙනවා.
පරීක්‍ෂා කරන ලද ස්ථානවලින් සියයට 90ක් සෘණ හෝ පිරිසිදු බවට ප්‍රතිඵලයක් ලැබී ඇති බව සඳහන්.

තවත් ස්ථාන 24ක බන්ධිත ඇස්බැස්ටස් ඇති බවට හෙළිවී ඇති අතර නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ පවසන්නේ බන්ධිත ඇස්බැස්ටස් මගින් මහජන සෞඛ්‍යයට අඩු අවදානමක් ඇති කරන බවයි.