බාලවයස්කරුවන්ට පිහි මිලදී ගන්න බැරි වෙන ලකුණු

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තරුණ අපරාධ පාලනය කිරීමේ අරමුණින් බාලවයස්කාර ළමුන් සදහා පිහි විකිණීම තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

තියුණු ආයුධ මිළදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ හැදුනුම්පත් පරික්ෂා කිරීමට මෙහිදි වෙළෙදුන්ට සිදු වනු ඇති.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තියුණු ආයුධ විකිණීම සම්බන්ධයෙන් දැනට කිසිදු සීමාවක් පනවා නොමැති අතර තරුණ අපරාධ පාලනය කිරීමේ අරමුණින් බාලවයස්කරුවන්ට පිහි විකිණීම තහනම් කිරීමට යෝජනා ඉදිරිපත්ව තිබුණා.

මේ අතර ප්‍රසිද්ධියේ පිහියක් ළඟ තබා ගැනීමේ සිර දඬුවම ද මාස 12 සිට 18 දක්වා වැඩි කරන බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මයිල්ස් නිවේදනය කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ අංක එකේ ප්‍රමුඛතාවය වන්නේ තම ප්‍රජාව ආරක්ෂිතව තබා ගැනීමට විදිවිධාන සැලසීම බවයි.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පමණක් නොව සමස්ථ ඔස්ට්‍රේලියාව තුළම තරුණ අපරාධ සංඛ්‍යාව සැලකියයුතු ලෙස ඉහල අගයක් ගන්නා අතර මෙම තත්වය පාලනය සදහා උපදේශණ සේවාද පුලුල් කර ඇති බව සදහන්.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »