Search

ගිනිකෙළි තහනම් කරන්නැයි පාර්ශව රැසක් වික්ටෝරියා රජයෙන් ඉල්ලයි

මිනිසුන්ට සහ සතුන්ට හානි සිදුවන බව පවසමින් ගිනිකෙළි තහනම් කරන ලෙස පාර්ශව රැසක් වික්ටෝරියා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ පෙත්සම්කාර පාර්ශවය සඳහන් කර ඇත්තේ වඩා ආරක්‍ෂිත සහ පරිසර හිතකාමී විකල්ප මේ සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සංවිධානය කරනු ලබන සියලුම ගිනිකෙළි සංදර්ශන තහනම් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.

මෙම තහනම ඉල්ලා ව්‍යවස්ථාදායක සභාව ඉදිරියේ අත්සන් 600කින් යුත් පෙත්සමක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ගිනිකෙළි නැරඹීම ඇතමුන්ට විනෝදජනක විය හැකි නමුත් තවත් බොහෝ දෙනෙකුට එය බිය උපදවන අතර ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතවලට පවා අවදානමක් ඇතිවිය හැකි බවයි පෙත්සම්කරුවන් අවධාරණය කර ඇත්තේ.

ඔටිසම් වැනි රෝග තත්වයෙන් පෙලෙන පුද්ගලයින්ට එමගින් සිදුවන බලපෑම ඉහළ වන අතර ස්වයං හානි පවා සිදු කර ගැනීමේ අවධානමක් පවතින බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගිනිකෙළි තහනමට අදාළ පෙත්සමට අත්සන් කිරීම සඳහා වික්ටෝරියානුවන්ට පෙබරවාරි 29 වනදා තෙක් අවස්ථාව හිමිවනු ඇති.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »