Search

ජානමය වශයෙන් වෙනස් කළ කෙසෙල් ප්‍රභේදයක් භාවිතයට අනුමැතිය

පැනමා රෝගයට ඔරොත්තු දෙන ජානමය වශයෙන් වෙනස් කරන ලද කෙසෙල් ඕස්ට්‍රේලියාවේ භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ජානමය වශයෙන් වෙනස් කරන ලද මෙම නව කෙසෙල් කැවෙන්ඩිෂ් ප්‍රභේදයේ කොටසක් නොවන බව සඳහන්.

විද්‍යාඥයන් විසින් TR4 රෝගයට ප්‍රතිශක්තිය ඇති කැලෑ කෙසෙල් ගෙඩියක ජානයක් භාවිතා කර එය කැවෙන්ඩිෂ් ප්‍රභේදයක තැන්පත් කර නව ප්‍රභේදය නිපදවා තිබෙනවා.

කෙසෙල් කර්මාන්තයේ අනාගතය තහවුරු කිරීම සඳහා වෙනත් රෝගවලට ප්‍රතිරෝධී සහ දේශගුණයට ඔරොත්තු දෙන ප්‍රභේද වර්ධනය කිරීම සඳහා ජාන සංස්කරණ භාවිතා කිරීමටයි විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙම නව ප්‍රභේදය ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වෙනස් කරන ලද කෙසෙල් වන අතර ඕස්ට්‍රේලියාවේ වගා කිරීම සඳහා ෆෙඩරල් රජය විසින් අනුමත කරන ලද පළමු ජානමය වෙනස්කම්වලට ලක්වූ පළතුර වනු ඇති බවයි.

පැනමා TR4 යනු කෙසෙල් ගස්වල ඇති කරන දිලීර රෝගයක් වන අතර එමගින් අවසානයේ ශාකය සම්පුර්ණයෙන් විනාශ කෙරෙනවා.

දැනට ඊට නිසි ප්‍රතිකාරයක් නොමැති අතර, දිලීරය පසෙහි ජීවත් වන බැවින්, එය පවතින ප්‍රදේශවල ජනප්‍රිය කැවෙන්ඩිෂ් ප්‍රභේදය ඇතුළු බොහෝ කෙසෙල් වර්ග තවදුරටත් වගා කළ නොහැකි බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ කෙසෙල්වලින් සියයට 95ක් පමණ වගා කරනු ලබන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වන අතර එම නිෂ්පාදනයෙන් සියයට 97ක් පමණ කැවෙන්ඩිෂ් කෙසෙල් වනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »