Search

වාහන හිමිකරුවන්ට වසරකට ඩොලර් 1000ක් ඉතිරි කර ගත හැකි නව නීතියක්

ඔස්ට්‍රේලියාවේ වාහන හිමිකරුවන්ට වසරකට ඩොලර්1000ක් පමණ ඉතුරු කරගත හැකි නව නීතියක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

නව නීතිය හඳුන්වාදීමත් සමග කාබන් විමෝචනය අඩු හෝ ශූන්‍ය වාහන සහන දායී මිලට වැඩි වශයෙන් වෙළඳ පොලට එකතුවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙහිදී වාහන වෙළඳපොල තුල තරඟකාරීව සහ සහන මිලගණන් යටතේ කාබන් විමෝචනය නොමැති වාහන ගෙන්වීමට සමාගම් දිරිමත් කිරීම රජයේ අරමුණයි.

එහිදී ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වාහන සඳහා නිෂ්පාදකයින් වැඩි වශයෙන් ආයෝජනයට පෙළඹවීමට බලාපොරොත්තු වන බවද ෆෙඩරල් රජය අවධාරණය කර තිබෙනවා.

ඇමරිකානු කාබන් විමෝචන තත්වයන් අනුගමනය කරමින් ඔස්ට්‍රේලියාව මෙම නව නීති හදුන්වා දී ඇති බවද සඳහන්.

ඇමරිකාවේ අලුතින් අලෙවි වන වාහන ඔස්ට්‍රේලියාවේ වාහනවලට වඩා සියයට 20කින් පමණ ඉන්ධන ඉතුරු කිරීමක් සිදු කරන බවයි වාර්තා වන්නේ.

රියදුරන්ට මෙම ක්‍රමවේදය මගින් වසරකට ඩොලර් 1000ක් පමණ ඉතුරු කරගැනීමට හැකි වන අතර වාහනයේ ආයු කාලය පුරාවට ඩොලර් 17000ක් ඉතිරි කර ගැනීමට හැකිවන බව ෆෙඩරල් රජය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »