Search

රුසියානු ජනපතිගේ ප්‍රමුඛ විවේචකයා වූ විපක්ෂ නායක බන්ධනාගාරයේදී මියයයි

සිරගතව සිටි රුසියානු විපක්ෂ නායක 47 හැවිරිදි ඇලෙක්සි නවාල්නි ජිවිතක්ෂයට පත්වී ඇති බව එරට බන්ධනාගාර සේවය පවසනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රමුඛතම විවේචකයින් අතර සිටි ඇලෙක්සි නවාල්නි මිය ගිය බවයි ඔහු සිර දඬුවම් විඳිමින් සිටි බන්ධනාගාරය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ.

විවිධ දේශපාලන චෝදනා සම්බන්ධයෙන් ඔහු වසර 30ක පමණ සිර දඬුවමක් විඳිමින් සිටි අතර මරණයට හේතුව සොයා පරීක්ෂණ සිදු කරන බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

නවාල්නි සිරගත වීමට පෙර 2020 වසරේ දී වස පානය කිරීම හේතුවෙන් ද රෝහල් ගතව සිටියා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ වඩාත් වාචික විවේචකයෙකු වන නවාල්නි 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙලෙස සිර දඬුවම් විඳිමින් පසු වුණා.

47 හැවිරිදි නවාල්නි ප්‍රථම වරට 2021 දී වසර 11 හමාරක කාලයකට සිරගත කරනු ලැබුවේ වංචා සහ වෙනත් චෝදනා මතයි.

අන්තවාදයට අරමුදල් සැපයීම ඇතුළු වැරදි කිහිපයක් සඳහා ඔහුට පසුගිය 2023 වසරේදී තවත් වසර 20කට ආසන්න කාලයක් සිර දඬුවම් නියම කරනු ලැබුවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »