මෙල්බන් සිට ඇඩිලේඩ් ගිය ගුවන් යානයක සිටි අයට සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

මෙල්බර්න් සිට ඇඩිලේඩ් දක්වා පියාසර කරන ගුවන් යානයක සිටි කුඩා දරුවෙකුට සරම්ප රෝගය වැළඳී ඇතැයි අනාවරණ වීමෙන් පසු රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් එහි ගමන් කළ මගීන්ට අනතුරු අඟවා තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවෙන් මේ වසරේ හමු වූ පළමු සරම්ප රෝගියා ලෙස වාර්තා වන්නේ මෑතකදී විදේශයක සිට ආපසු පැමිණි අවුරුද්දක් පමණ වයසැති දරුවෙකුයි.

ඔස්ට්‍රේලියාව පුරා සරම්ප රෝගය පැතිර යමින් පවතින අවස්ථාවක ඇඩිලේඩ් හි මෙම දරුවාට එය අසාදනය වී ඇතැයි වාර්තා වනවා.

ඔහු දැනට රෝහලේ ප්‍රතිකාර ලබමින් ස්ථාවර තත්ත්වයේ පසුවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ.

මේ වසරේ රට පුරා වෙනත් ප්‍රදේශ කිහිපයකින් රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමෙන් පසු දකුණු ඕස්ට්‍රේලියාවේ සරම්ප රෝගියෙක්‌ හඳුනා ගත් පළමු අවස්ථාව මෙයයි.

බ්‍රහස්පතින්දා මෙල්බර්න් සිට QF 685 ගුවන් යානයේ ගිය සහ එදින සවස 3.45 ත් 4.45ත් අතර ඇඩිලේඩ් ගුවන්තොටුපළේ සිටි සරම්ප සඳහා සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයක් ලබා නොගත් පුද්ගලයින්ට රෝග ලක්ෂණ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට සිකුරාදා අලුයම 4 දක්වා කාන්තා හා ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සිටි පුද්ගලයින්ට ද සැලකිලිමත් වන ලෙසට මෙන්ම අසනීප තත්වයක් මතු වුවහොත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.

මේ වසරේ ඔස්ට්‍රේලියාවෙන් තහවුරු වූ සරම්ප රෝගීන් 12ක් හමුවී ඇති අතර 2023 වසරේ දී ආසාදිතයින් 26ක් වාර්තා වී තිබෙනවා.

දකුණු ඕස්ට්‍රේලියාවේ සිට විදේශගත වීමට අදහස් කරන සංචාරකයින්ට එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත යුතු බවට ද සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »