Search

බූරුවන්ගේ ඉරණම ගැන කවුරුත් නොදන්න දුක හිතෙන කතාවක් එළියට

ඖෂධ නිෂ්පාදනය සඳහා වසරකට බූරුවන් මිලියන ගණනක් මරා දමන බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

බූරුවන් යනු දුප්පත්, ග්‍රාමීය ප්‍රජාවන්හි ජනතාවගේ ජීවනෝපායන්ට වඩාත් උපයෝගී වන සත්වයෙක් ලෙසටයි සැලකෙන්නේ.

දකුණු අප්‍රිකාවේ නයිරෝබි නුවර ආසන්නයේ ජලය විකිණීම ජීවනෝපාය කර ගත් පුද්ගලයෙකුගේ බූරුවන් සොරකම් කිරීමේ සිදුවීමක් පිළිබඳ විමර්ශනයේදී මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.

අනතුරුව ඔහු තම සතුන් පිළිබඳ සොයා බැලීමේදී දින තුනකට පමණ පසු සතුන්ගේ ඇටසැකිලි හමු වූ අතර ඔවුන්ගේ සම එහි තිබී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙවැනි බූරු සොරකම් අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල සුලභ වී ඇති අතර බූරු සම් ගෝලීය වෙළඳාමක් බවට පත්වී ඇති බවයි.

චීනය තුලදී බූරු සම්වල ඇති ජෙලටින් වැනි ද්‍රව්‍යයක් සමඟ සාදන ලද සාම්ප්‍රදායික ඖෂධ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන්.

එහි සෞඛ්‍යය ආරක්‍ෂාව වැඩි කරන සහ තරුණ බව ආරක්ෂා කරන ගුණාංග ඇති බවට විශ්වාස කෙරෙනවා.

නව වාර්තාවක දැක්වෙන්නේ 2017 වසරේ සිට ගෝලීයව අවම වශයෙන් බූරුවන් මිලියන 5.9ක් සෑම වසරකම ඖෂධ සැපයීම සඳහා මරා දමන බවයි.