Search

මදුරුවන්ගෙන් පැතිරෙන අලුත් වෛරසයක් ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා මදුරුවන් හේතුවෙන් පැතිර යන රෝගී තත්වයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. රොස් රිවර් ලෙසට හඳුන්වා දී ඇති මෙම වෛරසය හේතුවෙන් රෝගීන් දහස් ගණනක් හමුවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් බලධාරීන් ප්‍රාන්තය පුරා ආසාදිත මදුරුවන් හඳුනා ගැනීමෙන් පසු රොස් රිවර් වෛරස් රෝගීන්ගේ ඉහළ යාමක් සිදු වනු ඇතැයි සූදානමින් පසුවනවා.

ලබාගෙන ඇති සාම්පල මගින් මැකේ සහ ගෝල්ඩ් කෝස්ට් අතර කලාපයේ ආසාදිත මදුරුවන් ඇතැයි හෙළිවී ඇති අතර සති කිහිපයකින් මිනිසුන් දහස් ගණනක් ජනතාව වෛරසය අසාදනය වනු ඇති බවටයි සෞඛ්‍ය ප්‍රධානීන් සැක පළ කරන්නේ.

රොස් රිවර් වෛරසය අසාදනය මගින් සන්ධි සහ මාංශ පේශි වේදනා ඇති විය හැකි අතර උණ, හිසරදය, කැසීම සහ තෙහෙට්ටුව අනෙකුත් රෝග ලක්ෂණ වනවා.

වෛරසය මාරාන්තික නොවුන ද එමගින් සිරුර දුර්වල වන අතර එන්නතක් සහ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම ගැටලුවක් වී තිබෙනවා.

ආසාදිතයන් මාස තුනක් හෝ හයක් තුළ පුර්ණ සුවය ලබන අතර ක්වීන්ස්ලන්ද ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ජෝන් ජෙරාඩ් පැවසුවේ ප්‍රාන්තය පුරා සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් හමුවනු ඇති බවයි.

මීට වසර 4කට පමණ පෙර ද රොස් රිවර් වෛරසය අසාධිතයන් 3000ක් පමණ හමුවී තිබුණා.

බලධාරීන් ගුවන් මගින් මදුරු මර්දන කටයුතු සිදු කළ ද කීටයන් පමණක් එමගින් විනාශ වන අතර ගෙවතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිවැසියන් සැලකිලිමත් විය යුතු බවයි දැනුම් දෙන්නේ.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »