Search

ගැබිනි බිරිඳ සමග සැමියෙකු ගිය මෝටර් රථය උමං මාර්ගයකදී ගිනි ගනී

සිඩ්නි නුවර ප්‍රධාන උමං මාර්ගයකදී ගැබිනි කාන්තාවක් සහ ඇගේ සැමියා ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබෙනවා.

බ්‍රහස්පතින්දා දහවල් 12ට පමණ ආරම්භ වූ ගින්න හේතුවෙන් සිඩ්නි වරාය උමං මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේ මංතීරු වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මෙම අනතුර සමග මාර්ගයේ ගමනාගමනය ඇණහිට ඇති අතර, බොහෝ දෙනෙකු තම මෝටර් රථ නතර කර දමා එම ස්ථානයට පා ගමනින් ගොස් තිබුණා.

කෙසේවෙතත් මෙම අනතුරින් අඹුසැමි යුවළට කිසිදු අනතුරක් හෝ හානියක් සිදුවී නොමැති බව සඳහන්.

අනතුරින් පසු සැමියා ප්‍රකාශ කළේ මෝටර් රථය ගිනි ගන්නා බව දැනුනු වහාම ගැබිනි බිරිඳ ආරක්ෂිත ස්ථානයකට ගෙන යාම සඳහා රථයෙන් ඉවත් වී අසල තිබූ ගිනි නිවීමේ ට්‍රක් රථයක් වෙත දිව ගිය බවයි.

අනතුර වාර්තා වීමත් සමග නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගිලන්රථ කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකු ද එම ස්ථානයට පැමිණ සිටියා.

ඔවුන් විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකුට එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දී ඇති අතර එක් කාන්තාවක් සෙන්ට් වින්සන්ට් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »