Taronga සත්වෝද්‍යානයට යන ඔබට අලුත් සාමාජිකයෙක් දකින්න අවස්ථාවක්

සිඩ්නිහි Taronga සත්ව උද්‍යානයේ හිපපොටේමස් පැටවෙකු උපත ලබා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔස්ට්‍රේලියාවේ දැනට සිටින එකම අභිජනන හිපපොටේමස් යුවළට දාව මෙම පැටවා බිහිවීමයි.

ලොලෝලි නමින් නම් කර ඇති මෙම පැටවා ඉතා හොද සෞඛ්‍ය තත්වයේ පසුවන බව සඳහන්.

පසුගිය ජනවාරි 16 වනදා උපන් ලොලෝලි ගේ උපත් බර කිලෝ 4ක් වු අතර සති 4ක් වන ඊයේ දිනට කිලෝ 20ක් දක්වා හොඳින් වැඩි ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ හිපපොටේමස් සත්වයින් වඳවියෑමේ තර්ජනයට ලක්ව ඇති අතර කැළෑ එළිකිරීම හා සත්ව වාසස්ථාන විනාශ වීම ඊට හේතුවයි.

ඉදිරියේ දී ඔබට ලොලෝලි Taronga සත්ව උද්‍යානයේ දී දැක ගැනීමේ අවස්ථාව උදාවනු ඇති.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »