Search

ඔස්ට්‍රේලියා පුරවැසිභාවය සඳහා වන අවස්ථා පුලුල් කිරීමට පියවර

ඔස්ට්‍රේලියා පුරවැසිභාවය සඳහා වන අවස්ථා පුලුල් කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ එම අගය සියයට 14කින් ඉහළ දමා ඇති අතර ආගමන හා පුරවැසි වැඩසටහන් පරිපාලන පත්‍රිකාවේ එකොළොස්වන සංස්කරණයේ දෙවන අතිරේකය යටතේ එය පිළිබඳ දන්වා තිබුණා.

නව වැඩපිළිවෙළ යටතේ සංක්‍රමණිකයින්ට අදාළ පුරවැසිභාවය ලබාදීම, ඊට අදාළ සංක්‍රමණික වැඩසටහන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කර ඇති බව සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් පිටුවට පිවිසිමෙන් ලබා ගත හැකියි.

සෑම වසරකම ඔස්ට්‍රේලියා දිනයට සමගාමීව සුදුසුකම් ලත් විදේශිකයින්ට මෙරට පුරවැසිභාවය හිමිවු අතර ඉදිරියේදී මෙරට පුරවැසිභාවය අයදුම්කරන පුද්ගලයින්ට ද නව අවස්ථා විවර වනු ඇති.

කාර්යක්ෂමව හා ඵලදායී ලෙස එම වැඩසටහන් ක්‍රියාතමක කරන අතර ඔස්ට්‍රේලියාව ලොව වඩාත්ම සාමකාමී, එක්සත් සහ සංස්කෘතිකමය වශයෙන් විවිධත්වයෙන් යුත් රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වන බව ද වැඩිදුරටත් සඳහන්.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »