
Ice Bath ක්‍රීඩාවේ නිරතවෙමින් ඔස්ට්‍රේලියානුවන් නව ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සහ සුවතා සමාගම පුද්ගලයන් 509 දෙනෙකු එකවර ice bath ක්‍රිඩාවේ නිරත වෙමිනුයි මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ
බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් වන මොවුන් වෙරළ තිරයේ කෘතිම නාන තටාක ස්ථාපිත කර, එක් නාන තටාකයක පුද්ගලයින් 12 දෙනා බැගින් ජලයේ බැස තිබුණා.

එම වාර්තාව සඳහා සුදුසුකම් ලැබීමට සහභාගිවන්නන් අවම වශයෙන් මිනිත්තු 3ක් බෙල්ල දක්වාම ජලයෙන් යටවී සිටිය යුතුයි.
පුද්ගලයන් 537 දෙනෙකු මේ සඳහා සහභාගි වුවද එම කාලසීමාව පවත්වාගෙන යාමට හැකි වූයේ පුද්ගලයින් 509 දෙනෙකුට පමණියි.

වාර්තාව පිහිටුවීම සඳහා පුද්ගලයින් 483 දෙනෙකු එම ඉලක්කය අභිබවා යා යුතු අතර ගිනස් ලෝක වාර්තා විනිශ්චයකරුවෙකු තරග විනිශ්චය සඳහා පැමිණ තිබුණා.