
බටහිර ඔස්ට්‍රේලියාවේ පතල් සහ පිරිපහදු අංශයේ සේවකයන්ගේ රැකියා දහස් ගණනක් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් මතුවී තිබෙනවා.
ඒ ලෝහ සඳහා නිසි මිලක් නොමැති වීම හමුවේ සමාගම් කිහිපයක් සිය සේවා කටයුතු අත්හිටුවීමට අවධානය යොමු කිරීම හේතුවෙන්.
මෙම අංශයට උපකාර කිරීම සඳහා විකල්පයන් පිලිබඳ සාකච්ඡා කෙරෙන අතර රාජ්‍ය සහන ද ඊට අයත් බවයි ප්‍රාන්ත අගමැති රොජර් කුක් ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ කර්මාන්ත වසා දැමීමට තීරණය කළ හොත් පතල් හා පිරිපහදු අංශයේ රැකියා 3000ක් පමණ අවදානමට ලක්වනවා.
ලොව විශාලතම පතල් සමාගම වන BHP, සේවකයන් මෙම අවදානමට මුහුණ දී සිටින අතර බ්‍රසීලයේ නීතිමය ක්‍රියාදාමයන් සහ දුර්වල වෙළඳපල තත්ත්වයන් හමුවේ ගෝලීය නිකල් කර්මාන්තයට දැඩි බලපෑමක් වී ඇති බවයි වාර්තා වන්නේ.

සමාගම සිය මෙහෙයුම් සමාලෝචනය කිරීමත් සමඟ, පතල් කැණීම් කටයුතු අඩු කිරීම, ලෝහ උණු කිරීම මෙන්ම පිරිපහදු කිරීම් අංශයේ විශාල වෙනස්කම් සිදු කෙරෙනු ඇති.
ලෝහ මිලෙහි සීග්‍ර පහත වැටීමක් සමග බටහිර ඔස්ට්‍රේලියාවේ මේ වසරේ පතල් වසා දැමීම් සහ සිය ගනනක් රැකියා අහිමිවීම් සිදුවී තිබුනා.