
ඩොලර් මිලියන 2.8 ක ජයග්‍රාහී ලොතරැයියක් රෙදි සෝදන යන්ත්‍රයකට දැමීම හේතුවෙන් විනාශ වී ගොස් ඇති පුවතක් පර්ත් නුවරින් වාර්තා වනවා.
ජයග්‍රාහී ටිකට් පත ඔහු තම කලිසම සමග රෙදි සෝදන යන්ත්‍රයට දැමීම හේතුවෙන් විනාශ වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.
මිනිත්තු කිහිපයකට පසු මෙම පුද්ගලයා තමා අතින් සිදු වූ අතපසු වීම තේරුම් ගත් අතර වහාම යන්ත්‍රය නතර කර ටිකට් පත පරීක්ෂා කර ඉතිරි වී තිබූ කොටස්වලින් එය වලංගු බවට තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු අදාළ ලොතරැයි ජයග්‍රහණයට හිමිකම් කියන අතර ඔහුගේ නව මූල්‍ය සම්පත් වියදම් කරන්නේ කෙලෙසක ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් ලබාදී නැහැ.
මෙම ටිකට් පත ක්ලොවර්ඩෙල් ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති අතර සෙනසුරාදා දිනුම් ඇදීමේ පළමු කොටසේ ජයග්‍රාහකයින් හත් දෙනා අතරට මෙම පුද්ගලයා ද එක්වී තිබෙනවා.

ලොතරැයි ප්‍රකාශක ජේම්ස් මූනි පැවසුවේ මිලදී ගත් ටිකට්පත ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි ආරක්ෂණ ක්‍රම ඇති බවයි.
මෙවැනි අතපසු වීම් ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදු වන අත්වැරැද්දක් විය හැකි බැවින් එවැනි දේ වැළැක්වීම සඳහා ලොතරැයි මිලදී ගන්නන්ට ඒවා ලියාපදිංචි කිරීම සිහි කැඳවීමක් බවයි ඔහු සඳහන් කළේ.