ආගමන විගමන ඇමති ඉවත් කරන්න විපක්ෂය ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ ආගමන විගමන අමාත්‍ය ඇන්ඩෲ ජයිල්ස් ධූරයෙන් ඉවත් කළ යුතු බව විපක්ෂය පවසනවා.

දින නියමයකිත් තොරව අනවසර සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමට එරෙහිව මහාධිකරණය ලබා දුන් තින්දුවත් සමග මෙම විරෝධතා හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රැඳවුම්භාරයේ සිට නිදහස ලැබූ සංක්‍රමණිකයින් 149 දෙනෙකුගේ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා මතුව තිබෙනවා.

මීට අමතරව මහාධිකරණ තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් වූවන් විසින් සිදු කරන ලද බරපතල අපරාධ පිළිබඳ නීතිමය සහ ව්‍යවස්ථාමය තත්වයන් ඇතුලත් ලියවිල්ලක් පසුගියදා එළිදක්වා තිබුණා.

පාර්ලිමේන්තු සභාවරයට එක්වෙමින් විපක්ෂ නායක පීඩර් ඩට්න් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ වහාම ආගමන විගමන අමාත්‍යවරයා එම තනතුරෙන් නෙරපා හරින ලෙසයි.

කෙසේ වෙතත් එම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය ඇන්ඩෲ ප්‍රකාශ කළේ රැදවුම්භාරයේ සිටි සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් මහාධිකරණය ලබා දුන් නියෝගයන්ට පිටින් කිසිවක් සිදු නොකළ බවයි.

මේ අතර සරණාගත රැදවුම් මධ්‍යස්ථානවල මුදල් වංචා සහ අතවරයන් කිරීම් ඇතුලු චෝදනා රැසක් පසුගිය කාලසීමාව තුළ වැඩි කතාබහට ලක්වුණා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »