
ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණය වී තිබෙනවා.
සමීක්ෂණ වාර්තා අනුව තරුණ ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සහ වැඩිහිටි පරම්පරාවෙන් ඈත්ව හුදෙකලා සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වයස්ගත හුදෙකලාභාවයේ යම් අඩුවක් පෙන්වන අතර තරුණ හුදෙකලා භාවට සමාජ ගැටලුවක් දක්වා වර්ධනය විය හැකි බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ගෘහාශ්‍රිත පිරිවැය ඉහළ යෑම සහ ආර්ථික අපහසුතා ද තරුණ හුදෙකලාභාවයට බලපෑම් කරන බව හඳුනාගෙන තිබෙනවා.
වයස අවුරුදු 15 සිට 24 දක්වා වූ ඔස්ට්‍රේලියානුවන් මෙලෙස හුදෙකලා භාවය අත්දකින පිරිස අතර ඉහලින් සිටින බව සඳහන්.

තරුණ ඔස්ට්‍රේලියානුවන් 17000කට වඩා වැඩි පිරිසක් උපයෝගි කර ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර තරුණ හුදෙකලාභාව ක්‍රමයෙන් ඉහළ අගයක් ගන්නා බවයි එමගින් තහවුරු වී ඇත්තේ.
මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය බ්‍රොක් බැස්ටියන් පවසන්නේ සමාජ මාධ්‍යවල බලපෑම ද තරුණ හුදෙකලා භාවය සඳහා වඩාත් බලපෑම් සහගත තත්වයක් වන බවයි.