
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ වලට මේ දින වන බලපා ඇති ස්වභාවික විපත් හේතුවෙන් වන සතුන් විශාල සංඛ්‍යාවකට බලපෑම් සිදුව තිබෙනවා.
විශේෂයෙන් ලැව්ගිනි අවධානම හේතුවෙන් වන සතුන් වනාන්තර වලින් නගර කරා පැමිණෙන අතර එහිදි වාහන අනතුරුවලට ලක්වීමෙන් සතුන් විශාල සංඛයාවක් මියගොස් ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාව තුළ ඔබගේ දෛනික ගමන්බිමන් තුලදී මෙලෙස තුවාල ලැබූ වන සතෙකු හමුවුවහොත් ප්‍රථමයෙන් අදාළ සත්වයා වෙත ළගා වීමට පෙර ඔබේ ආරක්ෂාව ගැන සැළකිලිමත්වීම අනිවාර්ය වනු ඇති.

තුවාල වු වන සතුන් බියෙන් සහ ආතතියෙන් පසුවන අතර සන්සුන්ව ඔවුන් වෙත ලගාවීම වඩාත් ආරක්ෂාරි වනු ඇති ඇති බව සඳහන්
විශේෂයෙන් මේ දින වන කැන්ගරුවන් අනතුරට ලක්වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින අතර කුඩා පැටවුන් කැන්ගරු මවගෙන් පිටතට ගැනීමේදී රෙදි ආවරණයක් යොදා ගන්නා ලෙස වනජීවි අංශ මහජනයාට උපදෙස් ලබා දෙනවා.

තුවාල ලැබු වන සතුන් හැකි ඉක්මනින් සුදුසු පශු වෛද්‍යවරයෙක් හෝ වනජීවි අංශ වෙත භාරදීම සිදු කළ යුතු අතර ඔවුන් යළි වනයට මුදා හැරිමේ මට්ටමට සුවවන තෙක් ආරක්ෂිත පුනරුත්තාපන මධ්‍යස්ථානවලට සතුන් ඇතුලත් කරනු ඇති.