
2024 වසරේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවදුරටත් පහත වැටෙනු ඇතැයී ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පල කර තිබෙනවා.
බැංකු වාර්තා වෙන්වා දෙන්නේ 2024 වසරේ මෙරට ආර්ථිකය යම් ස්ථායි අගයක පවතිනු ඇති අතර උද්ධමනය ද ක්‍රමයෙන් පහළ යනු ඇති බවයි.
ගෘහස්ථ අයවැය මත පීඩනය වැඩි වුවද උද්ධමනය පහළ වැටීමට එය හේතුසාධක වන බව සඳහන්.

මේ අතර සංචිත බැංකු ආර්ථික විශ්ලේෂණ ප්‍රධානී මාරිඔන් කොලර් සඳහන් කළේ කෙටිකාලීන ආර්ථික වර්ධනයක් කිසි සේත් අපේක්ෂා නොකරන බවයි.
දීර්ඝකාලීන ආර්ථික සැළසුම් අනුව බැංකු පොලී අනුපාතිය තවදුරටත් එළෙසම පවතිනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මේ අතර තෙවන අදියරේ බදු කප්පාදු සංශෝධනය උද්ධමනය සඳහා කෙසේ බලපානු ඇතිදැයි නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කර ඇත්තේ.