දියණියගේ නිදන කාමරයට ආ අමුත්තා නිසා මව්පියන් කම්පනයෙන්

තම දියණියගේ නිදන කාමරයේ සිට මාරාන්තික විෂ සහිත සර්පයෙක් හමුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මව්පිය යුවළක් දැඩි කම්පනයට පත්වී ඇතැයි වාර්තා වනවා.

දුඹුරු පැහැති මෙම සර්පයා නිවසේ රූපවාහිනී යන්ත්‍රය යට ගුලි වී සිටි අතර, පසුව දියණියගේ නිදන කාමරයට ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව මව් පිය යුවළ දියණියගේ කාමරයේ දොර වසා අසල්වාසීන්ගෙන් උදව් ලැබෙන තෙක් පිටතින් රෙදි ගොඩගසා තිබූ බව සඳහන්.

මෙලෙස හමුවූ සර්පයා ලෝකයේ මාරාන්තික සර්පයන්ගෙන් එකෙකු ලෙසටයි සැලකෙන්නේ.

ගිනිකොනදිග ක්වීන්ස්ලන්ත ප්‍රදේශයේ සර්පයන්ගේ පැතිරීම ඉහළ මට්ටමක පවතින අතර උෂ්ණත්වය ඉහළ යන විට එම සත්වයන් සිසිලස සොයා යන බව අනාවරණ වී තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී, මෙල්බර්න්හි මවක් ඇගේ කුඩා දරුවාගේ ඇඳුම් ලාච්චුවේ සිටියදී දුඹුරු පැහැති සර්පයෙකු සොයා ගෙන තිබුණා.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වාර්තා අනුව 2000 සහ 2016 වසර අතර කාලය තුළ ඕස්ට්‍රේලියාවේ සර්ප දෂ්ඨන ආශ්‍රිත මරණවලින් සියයට 60කට වඩා සිදුවී ඇත්තේ මෙම දුඹුරු පැහැති සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙනුයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »