අවුරුදු 30කට පසු මිලියනයක් දිනු මෙල්බන් කාන්තාව

කාන්තාවක් වසර 30කට පසු ඩොලර් මිලියනයක ලොතරැයි ජයක් ලැබීමේ පුවතක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයෙන් වාර්තා වනවා.

එම කාන්තාව වසර 30ක් පුරා ලොටෝ ලොතරැයි පත් මිලදී ගෙන ඇති අතර මෙවැනි මුදලක් ජයග්‍රහණය කර ඇත්තේ පළමු වතාවටයි.

ලොතරැයි ජයග්‍රහිකාවක් වීම ගැන ඇය සිය සතුට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා. එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ මීට පෙර කුඩා ප්‍රමාණයේ ලොතරැයි ජය ලබා ගත්ත ද ඩොලර් මිලියනයක මුදලක් හිමි කර ගැනීම සිහිනයක් වු බවයි.

ජයග්‍රාහි මුදල් තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »