නිව් සවුත්වේල්ස් නගර කිහිපයක ජනතාවට පානීය ජලය ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නගර කිහිපයක පදිංචිකරුවන්ට පානීය ජලය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට දැනුම්දී තිබෙනවා.

Yass, Murrummbateman, Bowning සහ Binalong හි පදිංචිකරුවන්ට ජලය පානය කිරීම අනාරක්ෂිත බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

යස් බලධාරීන් පැවසුවේ පසුගිය දිනවල ඇතිවූ වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් ජල පිරිපහදු කිරීමේ ගැටළු ඇති වී ඇති බැවින් පානීය ජලය අනාරක්ෂිත වී ඇති බවයි.

පිරිපහදු ක්‍රියාවලියේ ගැටලුවක් විසඳීමට ප්‍රාදේශීය සභාව කටයුතු කරන බැවින් යස් සහ අවට පදිංචිකරුවන්ට නළ ජලය පානය නොකරන ලෙසට මෙන්ම දරුවන්ට එම ජලය නෑමට නොදෙන ලෙසටයි දන්වා ඇත්තේ.

Yass Valley සභාව බදාදා රාත්‍රී 10ට පමණ Yass, Murrummbateman, Bowning සහ Binalong හි පදිංචිකරුවන්ට ඔවුන්ගේ ජලය අනාරක්ෂිත බව දැනුම් දී තිබෙනවා.

ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්, කවුන්සිලය සඳහන් කළේ නිවැසියන්ට බීමට සහ ආහාර සැකසීමට භාවිතා කරන ජලය ආරක්ෂිත කිරීම සඳහා උණු කර ගත යුතු බවයි.

ප්‍රදේශවාසීන් ස්නානය කිරීමේදී ද වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව එම සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කවුන්සිලය පැවසුවේ මෑත කාලීන දැඩි වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් පානීය ජලය පිරිපහදු කිරීමේ ගැටළු ඇති වූ බවයි.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »