චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් තුල කොරෝනා!

චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් තුල කොරෝනා!

චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් වල තිබී කොරෝනා වෛරසය සොයාගෙන තිබෙනවා.

ඒ ඊසාන දිග චීනයේ පිහිටි ටියැන්ජින් නගරයේ නිපදනවන ලද අයිස් ක්‍රීම් සාම්පල් විද්‍යාගාර පර්යේෂණයකදීයි.

ටියැන්ජින් නගරයේ පිහිටි ඩකියාඩෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිස්ක්‍රීම් පෙට්ටි 4,836ක් වෛරසයට නිරාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් ඒවායින් ඇසුරුම් 2,089ක් ගබඩා වල තිබී සොයාගෙන තිබෙනවා.

ඉතිරි අයිස්ක්‍රීම් ඇසුරුම් වලින් 1,812 ක් වෙනත් පළාත්වලට යවා ඇති බව සඳහන්.

එමෙන්ම අනෙක් ඇසුරුම් 935 ක් ටියැන්ජින් නගරයේ වෙළඳපොළට මුදාහැර ඇති අතර ඉන් 65ක් පාරිභෝගිකයින්ට විකුණා ඇති බවත් වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් අයිස්ක්‍රීම් කර්මාන්තශාලාවේ සේවකයින් 1662 දෙනෙකු නිරෝධායනය කර තිබෙනවා.

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »