අනාරක්ෂිත බැටරියක් නිසා පාසලේ අලෙවි වූ උපකරණ තොගයක් යළි කැඳවයි

අනාරක්ෂිත බැටරියක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පාසැල් තුළ බහුල වශයෙන් අලෙවි වූ කැල්කියුලේටර තොගයක් ආපසු කැඳවීමට ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන සුරක්ෂිතතාවය පිළිබඳ සංගමය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ Casio’s HL-820VA මාදිලියේ ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටර වන අතර කුඩා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බැටරි නිශ්පාදනය සඳහා අනිවාර්ය කර ඇති ප්‍රමිතීන් සපුරා නොතිබීම හේතුවෙන් ඒවා මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

අනාරක්ෂිත බැටරි ළමයින් පරිහරණ කරන භාණ්ඩ තුළ පිහිටීම මේ තත්වය සඳහා බලපා ඇති අතර බැටරිය පහසුවෙන් ගලවා ගත හැකි අයුරින් භාහිරව පිහිටිමෙන් දරුවන් බැටරිය ගිල දැමීම පවා සිදු කළ හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

බැටරියක් ගිල දැමීමෙන් ශ්වසන අපහසුතා ඇති කරන අතර බරපතල අවදානම් තත්වයන් නිර්මාණය විය හැකි බව ද සඳහන්.

ඒ අනුව 2022 වසරේ ජූනි 22 සහ 2024 ජනවාරි 23 අතර කාලය තුළ නිශ්පාදිත ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටර මෙලෙස කැඳවීමට පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු Product safety Australia වෙබ් අඩවිට පිවිසීමෙන් ලබා ගත හැකියි.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »