Search

ඔස්ට්‍රේලියාවේ උසම සුළං විදුලි උත්පාදක යන්ත්‍ර තැනීමේ සැලසුමට විරෝධතා

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උසම සුළං විදුලි උත්පාදක යන්ත්‍ර තැනීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ප්‍රජාවක් අතර මතබේධාත්මක තත්ත්වයක් මතුවී තිබෙනවා.

මෙම කටයුත්ත හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සංවර්ධන යෝජනා ක්‍රමයේ බලධාරීන්ට ප්‍රමාණවත් උපදේශනයක් ලබාදී නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයේ උසම සුළං විදුලි උත්පාදක යන්ත්‍ර ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කර ඇති අතර ව්‍යාපෘතියේ ශබ්ද බලපෑම් පිළිබඳව ප්‍රදේශයේ පදිංචිකරුවන් කනස්සල්ලට පත්ව සිටින බව සඳහන්.

සුළං විදුලි ව්‍යාපෘතිය තුලින් හෙක්ටයාර 9,000ක කෘෂිකාර්මික ඉඩම් හරහා ටර්බයින 63ක් තැනීමට එක්සත් රාජධානියේ සමාගමක් සැලසුම් කර තිබෙනවා.

ටර්බයිනවල උපරිම උස මීටර් 280ක් වන අතර එය රටේ දෙවන උසම ගොඩනැගිල්ල වන සිඩ්නි ටවර් ගොඩනැගිල්ලට වඩා මීටර් 29ක් උසින් අඩු බව දැනුම්දී තිබෙනවා.

එහෙත් ජනතාවගේ විරෝධතා හමුවේ කුළුනක උස මීටර් 254ක් දක්වා සංශෝධනය කිරීමට ජනවාරි මාසයේදී පියවර ගනු ලැබුවා.

ප්‍රදේශයේ ඉඩම් හිමියෙකු මෙන්ම මෙම ව්‍යාපෘතියට විරුද්ධ කණ්ඩායමේ සාමාජිකයෙකු පැවසුවේ ප්‍රජාවේ ප්‍රධාන විරෝධය ඉඩම්වල වටිනාකම් කෙරෙහි වන බලපෑමට සම්බන්ධ බවයි.

සුළං බලාගාරවලට ඉඩම් වටිනාකම සියයට 40කින් අඩු කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම ශ්‍රවණාබාධ, නින්දට බාධා මතුවීම මෙන්ම නිදහසේ එළිමහනට යෑමෙන් වැළකීම ඇතුළු සෞඛ්‍ය බලපෑම් ද ප්‍රදේශවාසීන් මතු කර ඇති ගැටළු අතරට අයත්.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »