Search

ඔස්ට්‍රේලියාවේ රැකියා නොමැති පිරිස ක්‍රමයෙන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා වියුක්තිය පසුගිය ජනවාරි මාසයේ සියයට 4.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශයේ කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානී ජෝර්න් ජාවිස් සඳහන් කළේ 2022 වසරේ ජනවාරි මස සිට වසර දෙකකින් විරැකියා අනුපාතය සියයට 4ට වඩා වැඩි වූ පළමු අවස්ථාව මෙය බවයි

මේ අනුව එම කාර්යංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ රැනියා නියුක්ති අගය සියයට 6.6 දක්වා තවදුරටත් පහත වැටි ඇති බවයි.

බොහෝ පිරිසක් ජනවාරි මස අවසානයේ සිට නව රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිට ඇති අතර නව රැකියා 500කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වූ බව ද සංඛ්‍යාලේඛණ කාර්යංශය නිවේදනය කළා.

මේ අතර ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියානුවන්ගේ වැඩ කරන පැය ගණන මිලියන 1906 දක්වා අඩුව ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

රැකියා වියුක්ති අගය ඉහළ ගිය ද ජනවාරි මාසයේ පූර්ණකාලීනව රැකියා සඳහා නව බඳවා ගැනීම් 11100ක් වාර්තා වු අතර අර්ධකාලීන රැකියාවලින් ඉවත් වූවන්ගේ සංඛ්‍යාව 10600ක් දක්වා අඩු වී තිබීම ද විශේෂත්වයක්.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »