ඉන්දුනීසියා ආරක්ෂක ඇමති ජනපති අසුනට ළංවෙයි

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්ටෝ පළමු වටයේ දී ප්‍රකාශිත ඡන්දවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් හිමි කර ගනිමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම ජයග්‍රහණය සියලුම ඉන්දුනීසියානුවන්ගේ ජයග්‍රහණයක් බවයි ඔහු ඡන්ද විමසීම අවසන් වී පැය කිහිපයකට පසු ආධාරකරුවන්ට ප්‍රකාශ කළේ.

මුල් ඡන්ද ප්‍රතිඵල පෙන්නුම් කර ඇත්තේ හිටපු ජෙනරාල්වරයා දෙවන වටයේ තරඟ වැදීමෙන් වැළකී 57% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් බවයි.

ලොව විශාලතම ඡන්දයේ සම්පූර්ණ ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැති වුව ද මීට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත සිදු කරන ලද ගණන් කිරීම් පෙර වසරවල සාපේක්ෂව නිවැරදි වුණා.

72 හැවිරිදි ප්‍රබෝවෝගේ පාලනයත් සමග ඉන්දුනීසියාව එහි අධිකාරීවාදී අතීතය වෙත ආපසු යාමේ අනතුරකට ලක්ව ඇතැයි ද මත පලවනවා.

ඒකාධිපති ජෙනරාල් සුහර්තෝ යටතේ හිටපු විශේෂ බලකායේ අණදෙන නිලධාරියෙකු වූ ප්‍රබෝවෝ සුබියන්ටෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනාවලට ද ලක්ව සිටින අයෙක්.

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ජකර්තා හි ගෘහස්ථ ක්‍රීඩාංගනයකදී ආධාරකරුවන් අමතමින් ඔහු සඳහන් කළේ අහංකාර නොවි නිහතමානීව සිටිය යුතු බවයි.

මෙම ජයග්‍රහණය ඉන්දුනීසියාවේ සියලුම මිනිසුන්ගේ ජයග්‍රහණයක් විය යුතු බවයි උසස් ඉන්දුනීසියානු සන්ධානයේ ප්‍රධානියා වන ප්‍රබෝවෝ කියාසිටියේ.

ඉවත්ව යන ජනාධිපති ජෝකෝ විඩෝඩෝට කෘතඥතාව පළ කර ඔහුගේ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාමට ද පොරොන්දු වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ දූපත් 17,000ක් සහ වේලා කලාප තුනක් තුළ මිලියන 205කට අධික ඡන්දදායකයින් පිරිසක් ලොව විශාලතම සහ වඩාත් සංකීර්ණ එක්දින මැතිවරණයේ ඡන්දය ප්‍රකාශයට සුදුසුකම් ලබා සිටියා.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »