
ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සිය සහකාරිය වන ජෝඩි හේඩන් සමඟ විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ බ්‍රහස්පතින්දා උදෑසන හේඩන් සමඟ සෙල්ෆි ඡායාරුපයක් පළ කරමිනුයි අගමැතිවරයා මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මේ අනුව ඕස්ට්‍රේලියා දේශපාලන ඉතිහාසයේ ධුරයේ සිටියදී විවාහ ගිවිසගත් පළමු පුද්ගලයා බවට වත්මන් අගමැතිවරයා පත් වනවා.

ඇන්තනි ඇල්බනීස් සෙල්ෆි ඡායාරුපය සමග සටහන් කර තිබුණේ තමා ආදරවන්තයින්ගේ දිනයට පෙර දින රාත්‍රියේ විවාහ යෝජනාව ඉදිරිපත් කළ අතර ඇය එය පිළිගත් බවයි.
2020 වසරේ දී මෙල්බර්න් හි ව්‍යාපාරිකයන් අතර පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර අගමැතිවරයා සහ ජෝඩි හේඩන් පළමු වරට මුණගැසී තිබුණා.

ඒ 60 හැවිරිදි අගමැතිවරයා ඔහුගේ බිරිඳ කාර්මෙල් ටෙබට්ගෙන් දික්කසාද වී වසරකට පසුවයි.
ඇල්බනීස් මහතා මීට පෙර වසර 19ක විවාහ ජිවිතයක් ගෙවා අවසන් කර ඇති අතර ඔහු ඕස්ට්‍රේලියාවේ බලයට පත් වූ දෙවන අවිවාහක අගමැතිවරයා ද වුණා.
බෑන්ක්ස්ටවුන් හි උපත ලද සිඩ්නි හේඩන් සම්මුඛ සාකච්ඡාවකදී, කියා සිටියේ තමාගේම වෘත්තීය කටයුතු කරගෙන යන අතර දේශපාලන අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට අදහස් කරන බවයි.
අග්‍රාමාත්‍යවරයාගේ නව පෙම්වතිය පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් ඇතුළු නිල විදේශ සංචාර කිහිපයකට ඔහු සමඟ පැමිණ ඇති අතර එහිදී මෙම යුවළ නිල රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබුණා.