ඔස්ට්‍රේලියාවේ සහායෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා

ඔස්ට්‍රේලියාවේ සහාය සහිතව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

ඔස්ට්‍රේලියා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා ආරාධනා කර ඇති බවයි ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියාසිටියේ.

ඔස්ට්‍රේලියා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මෙල්බන්, සිඩ්නි යන විශ්වවිද්‍යාල ඇතුළු තවත් විශ්වවිද්‍යාල 10ක අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමැති කුලපතිවරුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී ඔවුන් විසින් ලංකාවේ අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන නිරීක්ෂණයෙන් පසු ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේ.

අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ද මේ වන විට පියවර ගෙන තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

විදෙස් විශ්වවිද්‍යාල 03න් දෙකක් ස්ථාපිත වෙමින් පවතින අතර ලබන මැයි මාසය වන විට තුන්වන විශ්වවිද්‍යාලය ද ලංකාවේ ස්ථාපිත කෙරෙන බව සඳහන්.

ඉන්දියානු තාක්ෂණ ආයතනය මහනුවර දී විවෘත කිරීමට නියමිතයි.

අනෙක් විශ්වවිද්‍යාල දෙක ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එහි ශාඛා දෙකක් ලෙස විවෘත කිරීමට නියමිත අතර එහි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට ද සූදානමින් සිටින බව සුරේන් රාඝවන් ප්‍රකාශ කළා.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »