Search

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා රජයෙන් තීරණ කිහිපයක්

ඕස්ට්‍රේලියාව සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කිරීමට සහ ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර සිසුන් සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට තීරණය කර ඇති අතර එමඟින් ඉදිරි වසර දෙක තුළ සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කළ හැකි බවටයි ඕස්ට්‍රේලියා බලධාරීන් තීරණය කර ඇත්තේ.

රජය සංක්‍රමණ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

නව ප්‍රතිපත්ති යටතේ, ජාත්‍යන්තර සිසුන්ට ඉංග්‍රීසි පරීක්ෂණ සඳහා ඉහළ ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වන අතර වීසා අයදුම්පත්‍රයේ වැඩි පරීක්ෂාවක් ද සිදු කෙරෙනු ඇති.

මෙම උපාය මාර්ග තුලින් සංක්‍රමණිකයන් සංඛ්‍යාව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවටයි ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නීල් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

අගමැති ඇන්තනි ඇල්බනීස් ද පසුගියදා ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව ස්ථාවර මට්ටමකට ආපසු ගෙන යා යුතු අතර එම පද්ධතිය මේ වන විට බිඳ වැටී ඇති බවයි.

COVID වසංගතය හමුවේ පැවති දැඩි දේශසීමා පාලනයන් ගෙන් පසු ව්‍යාපාරවල පුරප්පාඩු පිරවීම සඳහා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට ඕස්ට්‍රේලියාව 2023 වසරේ වාර්ෂික සංක්‍රමණ සංඛ්‍යාව ඉහළ නංවනු ලැබුවා.

එහෙත් විදේශ ශ්‍රමිකයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ හදිසි ආගමනය හමුවේ රට තුළ නිවාස නොමැති ගැටලුව සමඟ දැනටමත් කුලී නිවාස මත තරගකාරී වෙලඳපොලක් ද නිර්මාණය වී තිබෙනවා.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »

ඔස්ට්‍රේලියාවට එන ආසියානු සංචාරකයින් බීමතින් හැසිරෙන බවට චෝදනා

ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මොහෝ සංචාරකයින් මත්පැන් පානය කර කළහාකාරීව හැසිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව Australian Border Force පවසනවා. ABF උප කොමසාරිස්

Read More »