ප්‍රකට මෝටර් රථ සමාගමකින් ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට වන්දි

Mazda Australia සමාගමට පාරිභෝගික නීති කඩකිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 11.5ක දඩයක් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා.

Mazda Australia සමාගම වසර කිහිපයකට පෙර නොමඟ යවන සුළු සහ රැවටිලිකාර හැසිරීම්වල නිරත වූ බව අධිකරණය හමුවේ අනාවරණය වීමෙන් පසුවයි මෙලෙස දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇත්තේ.

2013 සහ 2017 අතර කාලයේ Mazda මාදිලි හතක දෝෂ අත්විඳී පාරිභෝගිකයින් නව දෙනෙකු සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් වාහනයක් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම චෝදනාවයි.

Mazda Australia විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් සියල්ල ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතියට පටහැනි වූ අතර, ඒ හේතුවෙන් 2019 ඔක්තෝම්බර් මාසයේදී සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම කටයුතු කර තිබුණා.

බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන් නව දෙනාට සිදුවූ අපහසුතා සම්බන්ධයෙන් චෝදනා 49ක් වාර්තා වීමෙන් පසුව, ඩොලර් මිලියන 11.5ක දඩ මුදලක් ගෙවීමට මැස්ඩා සමාගමට නියෝග කර ඇති බවයි නිවේදනය කර ඇත්තේ.

බලපෑමට ලක් වූ වාහන හිමිකරුවන්ට ඩොලර් 85,000 දක්වා වන්දි ගෙවීමක් ද ඇතුළත් වන බව සඳහන්.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පැවසුවේ මැස්ඩා සමාගමට ලැබුණු මෙම නියෝගය මෝටර් රථ කර්මාන්තයේ නියුතු අනෙකුත් සමාගම්වලට ද පාඩමක් වනු ඇති බවයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »