ජනප්‍රිය සංගීත කණ්ඩායමක් දශකයකට පසු ඔස්ට්‍රේලියාවට

ඇමරිකා එක්සත් ජනපද ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන පර්ල් ජෑම් දශකයකට පසු සිය පළමු ඕස්ට්‍රේලියානු සංදර්ශන මාලාව පිලිබඳ නිවේදනය කර තිබෙනවා.

නොවැම්බර් 13 වන දින ක්වීන්ස්ලන්තයේ ආරම්භ වන ඩාර්ක් මැටර් වර්ල්ඩ් ටුවර් ප්‍රසංග මාලාව සිඩ්නි, මෙල්බර්න් සහ ගෝල්ඩ් කෝස්ට් හි ක්‍රීඩාංගණවලට ද පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

Dark Matter World Tour සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් ආකාරයකිනුයි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒවා මිලදී ගැනීමට කැමති රසිකයින් Ticketmaster හරහා ලියාපදිංචි වීමට අවශ්‍ය වන අතර ප්‍රවේශපත්‍ර ලබාදෙනු ලබන්නේ අහඹු ලෙස තෝරා ගනු ලබන පිරිසකට බව සඳහන්.

ලියාපදිංචි වූ අය ටිකට් මිලදී ගැනීමට තෝරාගෙන තිබේද, නැතහොත් ඔවුන් පොරොත්තු ලේඛනයට එකතු කර තිබේද යන්න පෙබරවාරි 22 වනදා වන විට ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දෙනු ඇති.

ප්‍රවේශපත්‍ර පළමු නිකුතුවෙන් පසුව ඉතිරි වුවහොත් පොරොත්තු ලැයිස්තුගත රසිකයින්ට ප්‍රවේශපත් ලබා ගැනීමට හැකි වනු ඇති බවටයි සංවිධායකයන් ප්‍රකාශ කර ඇත්තේ.

Pearl Jam රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ Dark Matter World Tour 2024 අලෙවිය සඳහා ලියාපදිංචි වන ලෙස සහ සහභාගී වීමට කැමති සැබෑ පුද්ගලයින්ට වැඩි ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.

ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා ලියාපදිංචිය පෙබරවාරි 18 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා විවෘතව පවතිනවා.

නොවැම්බර් 13 වැනිදා ගෝල්ඩ් කෝස්ට් හි හෙරිටේජ් බැංකු ක්‍රීඩාංගණයේදී Dark Matter World Tour ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ වනවා.

රොක් සංගීත කණ්ඩායම නොවැම්බර් 16 වනදා මෙල්බර්න් හි මාර්වල් ක්‍රීඩාංගනයට පැමිණෙන අතර නොවැම්බර් 21 වනදා සිඩ්නි ජයන්ට් ක්‍රීඩාංගනය වෙත පැමිණෙනු ඇති.

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »