එංගලන්තයේ බකිංහැම්ෂයර් හි කැණීමකදී වසර 1700ක් පමණ පැරණි බවට සැලකෙන කුකුළු බිත්තරයක් සොයාගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ සිදු කළ කැනීමකදී මෙම බිත්තරය හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම බිත්තරය තුළ කහ සහ සුදුමද කිසිදු හානියක් නොමැතිව ස්වභාවික ආකාරයෙන්ම ආරක්ෂිතව පවතින බව සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
වසර 1700කට පසුවත් මිනිසෙකුගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවිකව මෙලෙස ආරක්ෂා වී තිබෙන ලෝකයේ එකම බිත්තරය මෙය බවට තමන් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ්හි පුරා විද්‍යාඥයෙකු වන එඩිවඩ් බිඩුල්ෆ් සඳහන් කළා.
ශතවර්ෂ ගණනාවක් පුරා ආරක්ෂිතව තිබූ මෙම බිත්තරය ලෝකයේ මෙතෙක් හමුවී ඇති එම වර්ගයේ පැරණිතම බිත්තරය විය හැකි බවට සැලකෙනවා.
මමීකෘත බිත්තර වැනි අන්තර්ගතය සහිත පැරණි බිත්තර හමුවී තිබුණ ද නොදැනුවත්වම සංරක්ෂණය කරන ලද පැරණිතම බිත්තරය ලෙසටයි මෙය හඳුනාගෙන ඇත්තේ.
බිත්තරයේ අන්තර්ගතය අනුව එය දැමූ පක්ෂියා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා ගැනීමට අපේක්ෂිතයි.