සුළි කුණාටු සහ ලැව් ගිනි තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සම්ප්‍රේෂණ කුළුණු සහ අනෙක් විදුලි සැපයුම් බිඳ වැටීම හේතුවෙන් දහස් ගණනක ජනතාවට තවමත් විදුලිය ලැබී නොමැති බවට වාර්තා වනවා.
ගිප්ස්ලන්ඩ් හි 50 හැවිරිදි ගොවිපළ හිමිකරුවෙකුට ද සුළි කුණාටු තත්වය හමුවේ ජීවිතය අහිමි වී ඇති බවයි අගමැති ජසින්ටා ඇලන් තහවුරු කළේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ, ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ වූ ලැව් ගින්නෙන් විනාශ වූ ගොඩනැගිලි සංඛ්‍යාව බලධාරීන් තවමත් තක්සේරු කරමින් සිටිනවා.
ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම විදුලි ඇනහිටීම් සිදුවීමෙන් පසුව බදාදා සවස 4 වන විට නිවාස සහ ව්‍යාපාර 135,000කට පමණ විදුලිය විසන්ධි වී පැවතුණා.
රජය පැවසුවේ එම විදුලි පාරිභෝගිකයින්ගෙන් 3,000කට වඩා වැඩි පිරිසක් ජීවිත ආධාරක මත හෝ වෛද්‍ය උපදෙස් මත විදුලි බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර මත ජීවිතය රැඳී ඇති බවයි.
පුළුල්ව පැතිරී ඇති හානිය සැලකිල්ලට ගෙන, බලපෑමට ලක් වූ සියලුම පාරිභෝගිකයින්ට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ.
අගමැතිනි ජසින්ටා ඇලන් කියාසිටියේ නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර කොපමණ ප්‍රමාණයක් විනාශ වී ඇතිද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.
නිවසක් නොමැති පොමොනල් ප්‍රජාව කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර ඇති බව ද අගමැතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.