ඇමසන් හිමිකරු ඩොලර් බිලියන ගණනක කොටස් විකුණා දමයි

ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් සිය සමාගමේ ඩොලර් බිලියන 4කට වඩා වැඩි වටිනාකමින් යුතු කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙනවා.

ප්‍රකෝටිපතියෙකු වන ජෙෆ් බෙසෝස් Amazon සමාගමේ ඔහුගේ කොටස් විශාල ප්‍රමාණයක් විකුණා ඇති අතර, මෑත දිනවල විකුණුම්වල මුළු වටිනාකම ඩොලර් බිලියන 4 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

1994 වසරේදී දී ඔහු විසින් ආරම්භ කරන ලද තාක්ෂණික දැවැන්තයෙක් වන සමාගම් බලධාරීන් පැවසුවේ බෙසෝස් මහතා මේ මාසයේ ඇමසන් කොටස් මිලියන 24ක් විකුණා ඇති බවයි.

සමාගමේ විධායක සභාපතිවරයා ද වන Bezos අවසන් වරට Amazon කොටස් විකුණා ඇත්තේ 2021 වසරේ දීයි.

මෙම මස මුලදී සමාගම පැවසුවේ ඉදිරි වසර තුළ ඇමේසන් නිර්මාතෘවරයා කොටස් මිලියන 50ක් විකිණීමට සැලසුම් කර ඇති අතර ඒවා වර්තමාන මිල ගණන් අනුව ඩොලර් බිලියන 8.4ක් පමණ වටිනා බවයි.

Bezos, Amazon හි විශාලතම කොටස් හිමියා ලෙස සිටින අතර ඩොලර් බිලියන 190කට වඩා වැඩි ඇස්තමේන්තුගත වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් අයෙක් ලෙසටයි සැලකෙන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »