Search

ඔස්ට්‍රේලියාවේදි මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ මරණය ගැන බිරිඳ පරීක්ෂණයක් ඉල්ලයි

COVID වසංගතය අතරතුර ඇඩිලේඩ් හදිසි ප්‍රතිකාර අංශයෙන් කිහිප වරක් උපකාර පැතූ ශ්‍රී ලාංකික තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ සචින්ත බට්ටගොඩ නැමති 23 හැවිරිදි තරුණයෙක්.

ඔහු 2020 වසරේ නොවැම්බර් මස දින 5ක් ඇතුළත තෙවරක් රෝයල් ඇඩිලේඩ් රෝහලෙන් උපකාර ඉල්ලා සිටි බවත් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර රෝහලෙන් නොලැබීම සම්බන්දයෙන් ලද චෝදනා අනුව  විමර්ෂණ ආරම්භ කර තිබුණා.

මිය ගිය සචින් 2020 වසරේ ඔහුගේ බිරිඳ සමග ඇඩිලේඩ් වෙත ගොස් ඇති අතර බිරිද ජාත්‍යන්තර ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපන කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වන්නේ

එහිදි මියගිය සචින් රෝගී තත්වයකින් ෙපළි  ඇති අතර, රෝග අපහසුතා පිළිබඳ බිරිඳ වරින් වර හදිසි ප්‍රතිකාර ලබා දෙන ලෙස වෛද්‍ය උපකාර පැතුවද එම ඉල්ලීම් නොසලකා හැර බවයි අධිකරණය හමුවේ පෙනි සිටිමින් අගතියට පත් පාර්ෂව සඳහන් කර ඇත්තේ.

එම අවස්ථාවේ රෝහල් කාර් යමණ්ඩලයේ ක්‍රියා කළාපය සහ ප්‍රතිකාර ලැබීමට වු ප්‍රමාදය සහ මරණය අතර සම්බන්ධතාව පිළිබද යළි සොයා බලන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.

මීට අමතරව එම රෝහලේම මීට පෙර උණ රෝගය වැළඳි මියගිය ඔස්ට්‍රේලියානුවෙකුගේ මරණය සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කිරීමට උසාවිය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »